ධාවනයෙන් ඉවත් කරන ලද වාහන විකිණීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය…

ඔක්තෝබර් 2nd, 2023

01) ඉහත වාහන 2023.09.27 සිට 2023.10.17 දක්වා සතියේ දිනයන් හි පෙ.ව.09.00 සිට ප.ව. 03.00 දක්වා කාලය තුළ ඉහත සඳහන් ස්ථානවලදී පරීක්ෂා කල
හැකිය.
02) මේ සඳහා ලංසු ලේඛන කොළඹ 7, ශ්රීයමත් අනගාරික ධර්මපාල මාවතේ අංක 135, දහම්පාය ගොඩනැගිල්ලේ පිහිටි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
අමාත්‍යාංශයේ සරප් වෙත (3 වන මහල) වෙත ආපසු නොගෙවන රු. 2,500.00ක මුදලක් ගෙවා, එම රිසිට්පත ප්‍රසම්පාදන අංශයට (3 වන මහල) ඉදිරිපත් කර,
ලබාගත යුතුය. 2023.09.27 සිට 2023.10.17 දක්වා සතියේ දිනවල පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 දක්වා පමණක් ලංසු ලේඛන නිකුත් කරනු ලැබේ.
03) මුද්‍රා තබන ලද ලංසු ලේඛන, “බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,අංක 135, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 7”, යන ලිපිනයට
ලියාපදිංචි තැපෑල මඟින් හෝ අතින් ගෙනවිත් භාර දිය යුතුය. අතින් ගෙනවිත් භාර දෙන්නේ නම්, සම්පූර්ණ කරන ලද ලංසු ලේඛන මුද්‍රා තබා දහම්පාය ගොඩනැගිල්ලේ,
3 වන මහලේ ගණකාධිකාරි නිල කාමරයේ ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීමට කටයුතු කළ යුතුය.
04) ලංසු ලේඛන ඉදිරිපත් කරන ලියුම් කවරයේ ඉහල වම් කෙළවරේ “ධාවනයෙන් ඉවත් කරන ලද වාහන වෙන්දේසි කිරීම – 2023” ලෙස සඳහන් කළ යුතුය.
05) ලංසු ලේඛන භාරගන්නා අවසන් දිනය හා වේලාව 2023.10.18 පෙ.ව. 10.00 වන අතර ලංසු භාරගෙන අවසන්වූ විගස ලංසු විවෘත කිරීම සිදු කරනු ලැබේ. ප්‍රමාධ ‌
වී ලැබෙන ලංසු භාරගනු නොලැබේ. තවද ලංසු විවෘත කරන අවස්ථාවට ඔබට හෝ ඔබගේ බලය ලත් නියෝජිතයෙකුට සහභාගීවීමට හැකිය.
06) ධාවනයෙන් ඉවත් කරන ලද ඉහත වාහන විකිණීම සඳහා වන අවසන් තීරණය ගැනීමේ බලය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සතුය.

විමසිම් :- ප්රයසම්පාදන අංශය – 011- 2303294
සභාපති,
ප්රපසම්පාදන කමිටුව,
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාං ශය,
“දහම්පාය”,
අංක 135, ශ්රී මත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 7.