
පාකිස්ථාන ගාන්ධාර උරුමය පිළිබඳ සම්මන්ත්‍රණය…
සැප්තැම්බර් 28th, 2023කොළඹ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද පාකිස්ථානයේ ගන්ධාර උරුමය පිළිබඳ සම්මන්ත්‍රණයක් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී පැවැත්විණි.
පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් අතිගරු උමාර් ෆාරුක් බුර්කි සිය පිළිගැනීමේ දේශනයේදී පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍ර සබඳතාව පිළිබඳ පුළුල් ලෙස මෙහිදී පැහැදිලි කළේ ය.
මෙම උත්සවය සඳහා මහ සංඝරත්නය, ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,හිටපු කතානායක කරු ජයසූරිය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර්, යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්වුහ.
සමීප සහෝදර රාජ්‍යයන් දෙකක් ලෙස සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ගොඩ නැගීම සඳහා, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ආගමික සංචාරක ප්‍රවර්ධනයටත්, ගන්ධාර උරුමය සංරක්ෂණය සහ ප්‍රක්ෂේපණය සඳහා සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ද ඉදිරි අදියරේදී අත්සන් කිරීමට නියමිත ය.