භික්ෂුන් වහන්සේලාගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධන කිරීමේ අරමුණින්….

සැප්තැම්බර් 29th, 2023

භික්ෂුන් වහන්සේලාගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධන කිරීමේ අරමුණින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ත්‍රෛයි මාසික පාඨමලාවේ සහතික පත්‍ර ප්‍රදානය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

දේශීය සහ විදේශීය වශයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ධර්මය ප්‍රචාරය කිරීම, බෞද්ධ ආගමික සහ භාවනා වැඩසටහන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීම ආදී කරුණු ගණනාවක් අරමුණු කර ගනිමින් පැවැත් වූ මෙම පාඨමාලාව මාර්ගගතව සහ ප්‍රායෝගික හා නේවාසික සැසි ලෙස පැවැත්විණි.

සහතික පත්‍ර ප්‍රදානය සඳහා ගරුතර මහා සංඝරත්නය, විෂයය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක,අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරු සහ අමාත්‍යාංශ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.