
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් H.E.Andrew Patrick මහතා සමඟ හමුවක්…
ඔක්තෝබර් 1st, 2023ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් H.E.Andrew Patrick මහතා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර හමුවක් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ඉල්ලීමක් පරිදි මෙම සාකච්ඡාව පැවැත් වූ අතර, දෙරට අතර සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කරගැනීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා සිදු කෙරිණි.