“නිවැරදිව ලියන්න පන්හිඳ හසුරවන්න“ යන මැයෙන් ජනසන්නිවේදන සහ ලේඛක පුහුණු එක්දින වැඩමුළුවක් කළුතර,කළුතොට දී පැවැත්විණි.

ඔක්තෝබර් 6th, 2023

පාසල් දරුවන්ගේ ලේඛණ හැකියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්වූ අතර මේ සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස ක්‍රිස්තියානි පූජකතුමන්ලා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක,ක්‍රිස්තියානි කටයුතු අධ්‍යක්ෂ චතුරි පින්තු යන මහත්ම මහත්මිහු මෙම අවස්ථාවට එක්වුහ.

කළුතොට කිතුණු කලා සංසදය මඟින් මෙම වැඩමුළුව සංවිධානය කෙරිණි.