
රාජ්‍ය ළමා චිත්‍ර සම්මාන උළෙල අති උත්කර්ෂවත්ව !
ඔක්තෝබර් 9th, 2023තෙලි තුඩින් විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලාංකේය ළමා සිත්තරුන් අගයනු වස් පුද කෙරෙන “රාජ්‍ය ළමා චිත්‍ර සම්මාන උළෙල“ අද (06) මහරගම තරුණ සේවා සභා රඟහලේදී දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
සම්මාන ප්‍රදානෝත්සවයට සමගාමීව ජයග්‍රහණය කරන ලද සිත්තරුන්ගේ සිතුවම් ඇතුළත් ළමා චිත්‍ර ප්‍රදර්ශණයක් ද එහිදී පැවැත් වූ අතර, දිවයිනේ සියළුම පළාත් නියෝජනය කරමින් ළමුන් 115 දෙනකු සඳහා සම්මාන, ත්‍යාග හා කුසලතා සහතික මෙහිදී ප්‍රදානය කෙරිණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් උළෙල පැවැත් වූ අතර, ප්‍රවීණ කලාකරුවන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්වුහ.
බුද්ධ ශාසන ,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව හා කලා මණ්ඩලය එක්ව රාජ්‍ය ළමා චිත්‍ර සම්මාන උළෙල සංවිධානය කෙරිණි.