ශ්‍රී ලංකාවේ ඉතාලි තනාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවිග් මහතා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර හමුවක් අද (06) අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

ඔක්තෝබර් 9th, 2023

ඩේමියානෝ ෆ්‍රැන්කොවිග් මහතා ශ්‍රී ලංකාවේ ඉතාලි තනාපතිවරයා ලෙස පත්වීමෙන් පසුව ප්‍රථමවරට අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හමුවූ අතර,එහිදී දෙරටෙහි සංස්කෘතික,පුරාවිද්‍යා හා උරුමයන් සංචාරක ප්‍රවර්ධනය ආදී කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.