
තිස් අටවන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ අති උත්කර්ෂවත්ව !
ඔක්තෝබර් 12th, 2023ශ්‍රී ලාංකේය කලාව විෂයෙහි නිර්මාණ දායකත්වය සපයන ලද කලාකරුවන් අගයනු වස් පවත්වනු ලැබු “තිස් අටවන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ“ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා යොවුන් රඟහලේ දී අද (11) අති උත්කර්ෂවත්ව පැවැත්විණි.
විවිධ කලා ක්ෂේත්‍රයන්හි නියතු වෙමින් මෙරට කලාව උදෙසා අනභිභවනීය මෙහෙවරක් සිදුකළ කලාකරුවන් 200 දෙනකු අගයමින්, ජීවිතයේ එක්වරක් පමණක් කලාකරුවෙකුට ලැබෙන කලාභූෂණ රාජ්‍ය සම්මානය මෙහිදී පිරිනමනු ලැබීය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන්,අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ උපදේශකත්වයෙන්,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන මහත්මියගේ අධීක්ෂණය සහ මගපෙන්වීමෙන් ද ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උලෙළ පැවැත්විණි.
මහා සංඝරත්නය,අන්‍ය අගමික පුජකවරු,ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මහාචාර්ය තිස්ස විතාරණ, ඒ. එච්. එම්. ෆවුසි, සී.බී. රත්නායක, වජිර අබේවර්ධන යන මහත්වරු,අමාත්‍යාංශ නිලධාරිහු,කලාකරුවෝ ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව එක්ව “තිස් අටවන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල“ සංවිධාන කරන ලදී.