ජාතික මීලාද්-දුන්-නබි සැමරුම් උලෙළ ඔක්තෝබර් 22 දා මන්නාරම සිලාවතුරෙ දී …

ඔක්තෝබර් 12th, 2023

ජාතික මීලාද්-දුන්-නබි සැමරුම් උත්සවය නිමිත්තෙන් සැමරුම් උලෙළක් මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිලාවතුරෛ මුස්ලිම් මහා විද්‍යාලයේ දී ඔක්තෝබර් (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

සැමරුම් උලෙළෙහි කටයුතු පරීක්ෂා කර බැලීම පිළිබඳව අවසන් රැස්වීම අද (12) සිලාවතුරෛ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහත්වරුන්ගේ හා රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී උලෙළ පැවැත්වීමට නියමිත සිලාවතුරෛ මුස්ලිම් මහා විද්‍යාලයේ ක්‍රීඩාගාරය ද අමත්‍යවරු ඇතුළු නිලධාරිහු එහිදී පරීක්ෂාවට ලක්වුහ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජනාධිපති ආරක්ෂක අංශය,ජනාධිපති මාධ්‍ය අංශය,ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව,මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සිලාවතුරෛ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරිහු මෙම අවස්ථාවට එක්වුහ.