අසූමහා ශ්‍රාවක පිළිමවහන්සේලා සසුනට පූජා කිරීමේ පුණ්‍යමහෝත්සවය…

ඔක්තෝබර් 27th, 2023

අසූමහා ශ්‍රාවක පිළිමවහන්සේලා සසුනට පූජා කිරීමේ පුණ්‍යමහෝත්සවයක් කොලොන්න,කෑල්ලගම 10 කණුව ශ්‍රී ධර්මාකර විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ සමස්ත ලංකා සාමවිනිසුරු කෑල්ලේ සුනන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් සිදු කෙරිණි.

ශ්‍යාමෝපාලී වංශික මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයෙහි අනුනායක, යක්කල ආයුර්වේද විශ්ව විද්‍යාලයේ කුලපති, ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, පැල්මඩුල්ල රජමහා විහාරය, පොත්ගුල් රාජමහා විහාරය යන උභය විහාරාධිපති, ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ සබරගමුව පළාතේ රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, ධම්මරක්ඛිත කර්ම වගාචාර්ය ගෞරවාර්හ බෙංගමුවේ ධම්මදින්න අභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් මෙම පින්කම සිදු කෙරිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක යන මහත්වරු සහ දායක දායිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.