
“ආගමික එකමුතුවෙන් නව මාවතක් කරා“ …
නොවැම්බර් 4th, 2023“ආගමික එකමුතුවෙන් නව මාවතක් කරා“ තේමාව යටතේ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, හලාවත පදවි සෙඩෙක් ආයතනය සහ නාත්තන්ඩිය ආගමික එකතුව එක්ව සංවිධානය කරන ලද වැඩසටහන් මාලාවක් අද (04) නාත්තණ්ඩිය ලූර්දු දේවස්ථානයේදී පැවැත්විණි.
ලේ දන්දීමේ කඳවුරක්, නොමිලේ පැවැත්වූ ආයුර්වේද කඳවුර හා ඖෂධ ලබා දීමේ වැඩසටහන, දේශීය කැඳ සැකසීමේ වැඩමුළුව හා ආගමික සහජීවන ප්‍රදර්ශනය හා වැඩමුළුවක් මෙහිදී පැවැත්විණි.
සර්ව ආගමික පුජකවරු, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ක්‍රිස්තියානි කටයුතු අධ්‍යක්ෂ චතුරි පින්තු, යන මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.