සාමාන්‍ය පෙළ පන්තියටවත් පෙනී සිටිමට නොහැකි වූ දරුවන් සඳහා, ග්‍රාමෝදය ජන කලා කේන්ද්‍රයෙන් පාඨමාලාවන් …

නොවැම්බර් 7th, 2023

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයටවත් පෙනී සිටිමට නොහැකි වූ දරුවන් සඳහා (වයස් සීමාවකින් තොරව) චිත්‍ර , නැටුම් හා සංගීත විෂයයන් හැදෑරීම සඳහා සුදුසු වූ පාඨමාලාවක් සකස් කරන්නැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ග්‍රාමෝදය ජන කලා කේන්ද්‍රයේ ගුරුභවතුන්ට සහ අමාත්‍යාංශ නිලධාරිහු වෙත උපදෙස් ලබා දුන්නේ ය.

ග්‍රාමෝදය ජන කලා කේන්ද්‍රය මඟින් පවත්වනු ලබන චිත්‍ර , නැටුම් හා සංගීත විෂයයන් සඳහා NVQ – 4 සහ 5 පාඨමාලාවේ ඉගෙනුම ලබන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන ගුරුභවතුන් සමඟ අපේගම පරිශ්‍රයේදී අද (03) පැවැති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

මෙම පාඨමාලාවන් හදාරනු ලබන දරුවන් මුහුණ පා තිබෙන ගැටළු කිහිපයක් පිළිබඳව ද අමාත්‍යවරයා එහිදී සිය අවධානය යොමු කළ අතර, ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද ගුරුවරුන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.