
අංගම් කලාව ලෝකයටම…
නොවැම්බර් 7th, 2023දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගැනීමේ අරමුණින් හා අංගම් කලාව ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා අංගම්පොර සංස්කෘතික ප්‍රදර්ශනයක් සීගිරිය,ගාල්ල කොටුව හා යාපනය ආදී ප්‍රදේශවල පැවැත්වීමට සම්බන්ධ වන ලෙස සිවිහෙළ ජාතික අංගම් ශිල්ප කලා සම්මේලනයෙන් ඉල්ලීමක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සිදු කළේ ය.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී සිවිහෙළ ජාතික අංගම් ශිල්ප කලා සම්මේලනයේ සාමාජික හමුවට එක්වෙමින් අද (03) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
සංස්කෘතියට සීමාවක් නොමැති බවත්, අංගම් කලාව කලාවක් වශයෙන් පෝෂණ කිරීම හා ප්‍රචලිත කිරීමට කටයුතු කිරීමට සුදුසු වැඩ පිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරන බවද විදුර වික්‍රමනායක මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.
අංගම් ශිල්ප වෙබ් අඩවිය (Angan.lk) අන්තර්ජාලය වෙත මුදාහැරීම සහ අංගම් ශිල්පීන් සඳහා හැඳුම්පතක් ලබාදීමක් ද මෙහිදී සිදු කෙරිණි.
අමාත්‍යංශ නිලධාරිහු, සිවිහෙළ ජාතික අංගම් ශිල්ප කලා සම්මේලනයේ සමාජික සමාජිකාවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.