
රුවන්වැල්ල ඓතිහාසික මැදගොඩ, ශ්‍රී සිද්ධ සත්පත්තිනි දේවාලය පූජා භූමියක් ලෙස නම් කෙරේ…
දෙසැම්බර් 1st, 2023රුවන්වැල්ල ඓතිහාසික මැදගොඩ, ශ්‍රී සිද්ධ සත්පත්තිනි දේවාලය පූජා භූමියක් ලෙස නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනත යටතේ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කළ අතර,එහි සන්නස් පත්‍රය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් දේවාලයේ භාරකාර තැන කේ.ඩබ්.එම්. අජිත් ශාන්ත බණ්ඩාර මහතා වෙත අද (01) පිරිණමනු ලැබීය.
සීතාවක රාජධානි සමයේ පළමුවන රාජසිංහ රජු විසින් කරවන ලද බවට සැලකෙන, රුවන්වැල්ල, මැදගොඩ ග්‍රාමවරයේ පිහිටි ඓතිහාසික මැදගොඩ, ශ්‍රී සිද්ධ සත්පත්තිනි දේවාලය පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් උසුලන ස්ථානයකි.
මහා සංඝරත්නය, තාක්ෂණ රාජ්‍ය ආමත්‍ය කණක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ, හිටපු පළාත් සභා මන්ත්‍රී හර්ෂ සියඹලාපිටිය,කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ආර්.පී ජයසිංහ යන මහත්ම මහත්මිහු සහ රාජ්‍ය නිලධාරිහු, ප්‍රදේශවාසිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.