සීතාවක දරු දැරියෝ හිස්වෙස් පළදිති…

දෙසැම්බර් 19th, 2023

සීතාවක සංස්කෘතික මධ්‍යස්ථානයේ හා ඊට අනුබද්ධ අවිස්සාවේල්ල, කහහේන ග්‍රාමීය සමාජයන්හි උඩරට නර්තනය හදාරන සිසු සිසුවියන් 43 දෙනෙක් සඳහා ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යය කොස්ගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සහ ඩැනී විජේසුන්දර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

නර්තනාචාර්ය කේ.ඒ.එස්.සුමේධ මහතාගේ මඟපෙන්වීමෙන් ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යය පැවැත්වූ අතර, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ආචාර්ය රවි බන්දු විද්‍යාපති යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.