
ආබාධ සහිත ප්‍රජාවගේ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් නව වැඩ පිළිවෙළක්…
දෙසැම්බර් 20th, 2023ආබාධ සහිත ප්‍රජාවගේ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති සියළු ආයතනවල විශේෂ වැඩ පිළිවෙලක් සකස් කර ඇතැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේ දී ආබාධ සහිත පුද්ගලයන්ගේ කලා කුසලතාවයන් එළිදැක්වීමේ කලා උලෙළට එක් වෙමින් අමාත්‍යවරයා අද (18) මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ ද සඳහන් කළේ ය.
අපි පුදුමාකාර විදියට ආත්මාර්තකාමී වෙලා, රුපියල් ශත සත පස්සේ දුවන සමාජයක අවසාන ප්‍රතිපලය තමයි මේ අත්මාර්තකාමීකම.තමන් ගැන විතරක් හිතන රටකට සමාජයකට ඉදිරිගමනක් නැහැ.ඒ නිසාම තමයි අපි අමාත්‍යාංශයක් විදියට ආබාධ සහිත ප්‍රජාවගේ දක්ෂතා, නිපුණතා හා ආකල්පයන් එළි දැක්වීම සඳහා මේ වැනි වේදිකාවක් නිර්මාණය කළේ.
එහෙත් අපි මේ පිළිබඳව බොරුවට අඩම්බර වන්නේ නැහැ.අපට අවශ්‍ය වුණේ සමාජයට මේ වැනි කණ්ඩායමක් ජීවත් වෙනවා කියලා මතක් කිරීමත්, ඔවුන්ටත් අපි වගේම සියලු අයිතිවාසිකම් සහ සමානතාවයෙන් යුතු ජන කොටසක් ලෙස සමාජයේ ජීවත්වීම සඳහා අවශ්‍ය පණිවුඩය ලබාදීම පමණයි.
ආබාධ සහිත ප්‍රජාව රජයේ සහ පෞද්ගලික අංශයේ මෙන්ම ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහනක් 2024 වසරේ සිට රාජ්‍ය හා රාජ්‍ය නොවන පෞද්ගලික අංශයේ ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.