
රාජ්‍ය නත්තල් උත්සවය බණ්ඩාරවෙල ධර්මෝපදේශ මධ්‍යස්ථානයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි…
දෙසැම්බර් 25th, 2023ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි කරමින් මහත් භක්තියෙන් යුතුව සමරනු ලබන නත්තල වෙනුවෙන් මෙවර රාජ්‍ය නත්තල් උත්සවය බණ්ඩාරවෙල ධර්මෝපදේශ මධ්‍යස්ථානයේ දී අති උත්කර්ෂවත් අයුරින් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලදී.
වසර 20කට අධික කාලයක් බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයන්හි දුෂ්කරතා මැද දහම් ගුරුවරියන් වශයෙන් සේවය කරන ලද ගුරුවරියන් 38 දෙනකු ඇගයීමට ලක් වූ අතර, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ලද සමස්ථ ලංකා බයිබල් දැනුම මිනුම තරඟයේ ජාතික මට්ටමේ ජයග්‍රහණ ලද දහම් පාසල් සිසු සිසුවියන් 24 දෙනකු සඳහා ද සහතික හා ත්‍යාග මෙහිදී පිරිනැමිණි.
නත්තල තුළ බෙදා ගැනීම අර්ථගැන්වීම උදෙසා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තු කාර්යය මණ්ඩලය විසින් අගනුවර විවිධ දේවස්ථාන, විහාරස්ථාන හා පාසල් වෙතින් එකතු කරගන්නා ලද රු.700,000/-කට අධික වටිනාකමින් යුතු අභ්‍යාස පොත් හා පාසල් උපකරණ බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයන්හි අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් අතරේ ජාති, ආගම් භේදයකින් තොරව බෙදාදීම සඳහා බදුල්ල පදවි රදගුරු හිමිපාණන් වෙත භාර දීම ද මෙහි දී සිදුවිය.
විවිධ නත්තල් ගායනා, නැටුම් ආදී අංග ගණනාවකින් අලංකාරවත් වූ මෙම වැඩසටහනේ දී බදුල්ල පදවියේ සේවයේ නියතු දහම් ගුරුවරුන් 375 දෙනාම අගයමින් ඔවුනට ත්‍යාග පිරිනැමීම ද මෙහි දී සිදුවිය.
බදුල්ල රදගුරු අති උතුම් ජූඩ් නිශාන්ත ද සිල්වා රදගුරු හිමිපාණන් වහන්සේගේ ඇතුළු පූජා ප්‍රසාදීන් වහන්සේලා හා පැවැදි සොයුරියන්ගේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ක්‍රිස්තියානි කටයුතු අධ්‍යක්ෂ චතුරි පින්තු යන යන මහත්ම මහත්මිහු, දහම් ගුරුවරු, දහම් පාසල් දරුවන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුහ.