බෙන්තොට ගලපාත රජමහා විහාරස්ථ ශ්‍රී අනුබුදු කාශ්‍යප දළදා මහ පෙරහර අද (23) රාත්‍රීයේ අලංකාරවත් ලෙස බෙන්තොට රජ මාවත ඔස්සේ වීදි සංචාරය කෙරිණි…

දෙසැම්බර් 23rd, 2023

ගලපාත විහාරයේ ඉපැරැණි මහ සෑයේ තැන්පත්ව ඇති මහා කාශ්‍යප දළදා වහන්සේට පූජෝපහාර පිණිස ඉපැරණි දවසේ සිට වාර්ෂිකව මෙම පෙරහර පවත්වන බව විහාරාධිපති සීගිරියේ අනෝම නාහිමියෝ එහිදී පැවසූ අතර, මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යන මහත්වරු අතින් සිදු කෙරිණි.