බෞද්ධ අධ්‍යාපනික ආයතනයන්හි විද්‍යාර්ථින් උදෙසා මත්ද්‍රව්‍ය නිවාරණ හා උපදේශන වැඩසටහන්…

ජනවාරි 24th, 2024

මානව පවුල හා ආගමික සංස්ථාව බෙහෙවින් බැදී පවතී. ආගමික නායකත්වයේ අවවාද මෙන්ම උපදේශනය කෙරෙහි ප්‍රජාව ඇහුම්කන් දෙයි. එනයින් ආගම තුලින් අපේක්ෂා කරන්නාවූ පුද්ගලයාගේ සෞඛ්‍ය සම්පන්න බව සුරක්‍ෂිත කිරීමෙහිලා ආගමික නායකත්වයේ දායකත්වය අයිතිය  වැදගත් වේ .පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය මධ්‍යසාර හා දුම්පානයෙන්  සිදුවන කායික හා මානසික නිරෝගී බව අහිමිවීම වලක්වාලමින් පුද්ගලයා සතුටින් ජීවත්වන අධ්‍යාත්මික සංවර්ධනයෙන්  හා පරිපුර්ණ පෞර්ෂයෙන් යුත් තැනැත්තෙකු බවට පත් කිරීමට ආගමික නායකත්වයේ උපයෝගීතාවය මෙහිලා සුවිශේෂිකොට සැලකේ.

ඒ අනුව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය 2024 වර්ෂය තුල සර්වආගමික නායකත්වය  සිය දායක පවුල ශක්තිමත් කරමින් මතින් දුමින් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස්  සාමාජිකයන් සහිත පවුල් සංස්ථාවක් බවට පත්කිරීම සඳහා ආගමික නායකත්වය මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දනුම්වත්කිරීමේ හා පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබේ .

ඉන් වැඩසටහන් කිහිපයක්  අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භිෂුන්වහන්සේලා වෙනුවෙන් හා    නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ  ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා වෙනුවෙන් 2024-01-17  හා 18 යන දෙදින පැවැත්විණි. එම වැඩසටහන් සඳහා භික්ෂුන්වහන්සේලා 350 කට අධික සංඛ්‍යාවක් සහභාගී වුහ.