
‘ සාහිත්‍ය සම්භාෂණ’ පළමු දේශනය ජාතික ලේඛනාගාර ශ්‍රවණාගාරයේදී …
ජනවාරි 24th, 2024රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව ,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන ‘සාහිත්‍ය සම්භාෂණ’ මාසික දේශන මාලාවේ පළමු දේශනය අද (24) ජාතික ලේඛනාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
‘නෑවිත් යන්ට බැරිය’: භාෂාව, ආදරය සහ මරණය යන මැයෙන් මෙහි පළමු දේශනය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිම්මි නාලිකා මැණිකේ මහත්මිය විසින් සිදු කරනු ලැබුවා ය.
සාහිත්‍ය පිළිබඳ දැනුම වර්ධනය කිරීම සඳහා කාලීන මාතෘකා යොදා ගනිමින් මෙම ‘සාහිත්‍ය සම්භාෂණ’ දේශන මාලාව සෑම මසකම පැවැත්වීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මෙම දේශන මාලාවන් සඳහා සාහිත්‍යට ඇලුම් කරන, සාහිත්‍ය දැනුම වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන පිරිස්වලට මේ සඳහා සහභාගි විය හැකිය.
රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සභාපති ප්‍රවීණ ගේය පද රචක රඹුකන සිද්ධාර් ථ හිමි ඇතුළු මහා සංඝරත්නය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලක් නන්දන හෙට්ටිආරච්චි, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, සහකාර අධ්‍යක්ෂ කසුන් සෙනෙවිරත්න, ගේය පද රචක ආචාර්ය ඩබ්ලිව්.ඒ.අබේසිංහ යන මහත්ම මහත්මිහු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.