
“මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් දරුවෙකු වෙනුවෙන් දෙමාපිය වගකීම” – රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන්…
ජනවාරි 27th, 2024තම මත්ද්‍රව්‍ය, මද්‍යසාර හා දුම්වැටි භාවිතය කොතෙක් පුද්ගල ජීවිතයට හානිකර අන්දමින් බලපාන්නේද, දරුවෙකු මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් පරිපූර්ණ පෞරුෂයෙන් යුත් තැනැත්තෙක් බවට පත්කිරීමෙහිලා දෙමාපිය වගකීම කොතෙක්ද යන්න අවබෝධ කරමින් භාවිත අයෙකු හඳුනාගැනීමේ සායනික ලක්‍ෂණ පිළිබඳවද නිවැරදි අවබෝධයක් ලබාදීමේ අරමුණින් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය පවත්වන ලද වැඩසටහන් කිහිපයක් පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්‍ද්‍ර කරගනිමින් පැවැත්විණි.
ඒ නාවික හමුදා නිලධාරීන් හා මිහින්තලය සිවිල් ආරක්‍ෂක බලකා මූලස්ථානයට අයත් සිවිල් ආරක්‍ෂක නිලධාරීන් උදෙසායි. එම නිලධාරීන් විසින් සිදුකරන ප්‍රජා වැඩසටහන්හිදී මෙම නිවාරණ පණිවුඩය සමාජගත කිරීමද මෙම වැඩසටහන්හි තවත් එක් අරමුණක් ලෙස ගැනේ.
උක්ත වැඩසටහන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක එන්.ආර්. අමරසිංහ මහතාගේ දේශන දායකත්වයෙන් සිදුකර ඇත.