
යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ දෙවැනි සැසිවාරය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී…
ජනවාරි 29th, 2024යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ දෙවැනි සැසිවාරය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (29) ගිහි පැවිදි සහභාගීත්වයෙන් පැවැත්විණි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පැවැති මෙම සමුළුවට රටවල් 18 කට වැඩි ගණනක ධර්මදූත භික්ෂූන් වහන්සේලා රැසක් එක්ව සිටි අතර,එම භික්ෂු හිමිවරුන්ගේ සංගමයේ මහානායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සැසිවාරය පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සහ යුරෝපා රටවල් අතර ආගමික සහජීවනය ව ර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ දෙවැනි සැසිවාරය සිදු කෙරිණි.
මහා සංඝරත්නය, අධිකරණ බන්ධනාගාර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ, මහාචා ර්ය අසංක තිලකරත්න යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.