බුද්ධශාසන හා සංස්කෘතික අමාත්‍යාංශය ක්‍රිකට් එක්ක ආදරය බෙදයි…

පෙබරවාරි 10th, 2024

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට අනුබද්ධිත සියලුම ආයතන සමඟ සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරඟාවලිය අද (10) බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම සුහද ක්‍රිකට් තරඟාවලිය විදුර වික්‍රමනායක මහතාගේ අදහසක් මත බුද්ධශාසන අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරිණි.

ඒ අනුව තරඟාවලියේ ශූරතාවය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු කණ්ඩායම දිනා ගත් අතර අනු ශූරතාවය මධ්‍යම සංස්කෘතික අරමුදල කණ්ඩායම දිනා ගැනිණි.

තරඟාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස මුස්ලිම් ආගමික හා සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තු කණ්ඩායම නියෝජනය කළ එම්.ආර්.එම්. සලික් මහතා කුසලානය දිනා ගත් අතර තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු කණ්ඩායම නියෝජනය කළ එස්.ඩී.ඩී දුලංජලීට මහත්මියට හිමි විය.

අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ , අමාත්‍යංශය අතිරේක ලේකම්වරුන් ඇතුළු බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයට අනුබද්ධිත සියලුම අයතනවල නිලධාරි මහත්ම මහත්මිහු මෙම අවස්ථාවට සහභාගී වූහ.