දහම්පාය පරිශ්‍රයේ නව බුද්ධ මන්දිරය නිරාවරණය කෙරේ…

පෙබරවාරි 21st, 2024

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ, දහම්පාය පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නව බුද්ධ මන්දිරය නිරාවරණය කිරීම මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සිදු කෙරිණි.

තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති, ආචාර්ය බෝදාගම චන්දිම ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම බුද්ධ මන්දිරය ඉදිකර තිබෙන අතර, රටටම සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් සහ මහා සංඝරත්නය උදෙසා උදෑසන දානමය පිංකමක්ද පැවැත්විණි.

එමෙන්ම අමාත්‍යංශ නිලධාරීන්ගේ සභාගිතාවයෙන් පෙරහැරක්ද සංවිධානය කර තිබිණි.

නායක ස්වාමින්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය, විදේශීය තානාපතිවරුන් , හිටපු කතානායක කරූ ජයසූරිය , බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක , බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ , අමාත්‍යංශයේ හිටපු ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් හා අමාත්‍යංශ නිලධාරී මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්වූහ.