හදවතේ ගායකයා…

පෙබරවාරි 22nd, 2024

ශ්‍රී ලංකේය සංගීත සළකුණේ රසික හදවත් තුළ වත්මන් “හදවතේ ගායකයා“ ලෙසින් ඔටුණු පළන් ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ ගායනවේදීයා අසනීප තත්ත්වයක් හේතුවෙන් තම ගීත දිවියට කෙටි විරාමයක් දී සිය නිවසේ රැඳී සිටින මොහොතක අපි ඔහුගේ නිවසට ගොඩ වැදුණෙමු.

ජනතාව අතර මහත් වූ ආදරයක්, ආකර්ෂණයක් දිනා සිටින “ හදවතේ ගායකයා“ නම් වූ ඔහු, ආදරය,විරහව,මා පිය සෙනෙහස,සමාජීය කරුණු ආදී නොයෙකුත් සංවේදනයන් පිළිබඳව ගීත ගණනාවක්ම රසික හදවත්වලට සමීප කළ දක්ෂ නිහතමානී ගායන ශිල්පියෙකි.

තම ආදරණීය හඬ මුසු කර ගායනා කළ ළයාන්විත ගීතයන් නිසාම වසර ගණනාවක සිට සම්මාන ඇගයුම් රාශීයකට හිමිකම් කියු ඔහු, ජනතා හදවතේ සම්මානය දිනගෙන අවසන් ය.

ලංකේය සංගීත සළකුණේ අනාගතය වෙනුවෙන් ඉදිරියටත් සඳා අමරණීය මතක ගොන්නක් එක් කරන්නට ශක්තිය,වාසනාව මෙන්ම නිදුක් නීරෝගී සුවය ද අපි ඔහුට ප්‍රාර්ථනා කරන්නෙමු.