
ගංගාරාමේ නවම් මහා පෙරහර 45 වෙනි වරටත් වීථී සංචාරය කෙරේ…
පෙබරවාරි 23rd, 2024හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 45 වෙනි වරටත් විචිත්‍රවත් අන්දමින් අද (23) රාත්‍රියේ වීථී සංචාරය කෙරිණි.
පෙරහර වීදි සංචාරය කිරීමට ප්‍රථම මංගල හස්ති රාජයා මත සාධාතුක කරඬුව තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කළේය.
එමෙන්ම නවම් මහ පෙරහර පිළිබඳ සම්පාදනය කෙරුණු ග්‍රන්ථයක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ එම අමාත්‍යාංශයේ ලේකම් සෝමරතන විදානපතිරණ යන මහත්වරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූහ.
මෙහිදී ගංගාරාම විහාරස්ථානයේ නව වෙබ් අඩවිය විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.