
ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවයේ පළමු දිනය වර්ණවත්ව නෙළුම් පොකුණේ දී …
මාර්තු 1st, 2024ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවයේ සමාරම්භක උළෙල නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේ දී වර්ණවත්ව අද (01) සම්භාවනීය අමුත්තන් රැසක සහභාගීත්වයෙන් පැවැත්විණි.
ඒ අනුව මාර්තු (01) අද දිනයේ දී රංගෝලි හා චිත්‍ර තරඟ, සංස්කෘතිකමය විලාසිතා අංග, ශ්ලෝක ගායනා තරඟ,යග්ග ගායනා, විචිත්‍රවත් සංස්කෘතික ප්‍රසංග හා සංගීත ප්‍රසංගයක් ද මෙහි දී පැවැත්විණි.
හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැළකෙන ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයක් පිදීම සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව භගවත් ගීතා මහෝත්සවය පවත්වන අතර බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් මෙවර මෙය ශ්‍රී ලංකාවේදී විචිත්‍රවත්ව සිදු කෙරිණි.
හින්දු පුජකවරු,ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දත්තා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක,අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරු සහ අතිරේක ලේකම්වරු,දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරු,අමාත්‍යාංශට අනුබද්ධිත ආයතනයහි නිලධාරිහු පාසල් දරුවන් ඇතුළු සම්භාවනී අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.