
ප්‍රියා සමඟ ගෙවූ ප්‍රියජනක සැඳෑව…
මාර්තු 5th, 2024ඈත රන්විමන්, මට වාසනා, ආදරණීය නේරංජනා, හෙට දවසේ, සුදු පරවි රෑන සේ,
මොහොතක සුව දෙන,හිරු ද මුවා වී,රටකින් එහා,හදවත ඉල්ලා,මගේ ළමැඳ….වැනි අතිශය ජනප්‍රිය ගීත ගොන්නක් රසික හදවත් තුළට තිළිණ කළ ඒ අමරණීය හඬ පෞරුෂය අප කෙසේ නම් අමතක කරන්න ද?
ශ්‍රී ලාංකේය ගීත කලාව තුළ ආදරය,විරහව ආදී හැඟීම් හදවත් තුළට තදින් කාවැද්දු ප්‍රවීණ ගායනවේදී ප්‍රියා සූරියසේන මහතා තම ගීත දිවයට ඉසිඹුවක් දී සිය නිවසෙහි රැඳී සිටින මොහොතක අප ඔහුගේ නිවසට ගොඩ වැදුනෙමු.
ගුරුවරයකු ලෙස සිය වෘත්තීය දිවිය ඇරඹූ ප්‍රියා සූරියසේන මහතා දරුවන් දහස් ගණනක් දැනුමින් පෝෂණය කළා සේම, ගීතයට ප්‍රිය කරන සියළු ලාංකේය හදවත් රසවත් කළ සොඳුරුතම සංගීතවේදියෙකි.
දශක ගණනාවක සිට, සිය නිර්මාණ වෙනුවෙන් විවිධ වූ සම්මාන ඇගයුම් ලබමින්, සංගීත අඹරේ දිදුලන තාරකාවක් සේ බැබලෙමින් වැඡඹෙන ‘ආදරණීය ප්‍රියා’ අපි ඔබට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරන්නෙමු !