පන්සිය පණස් ජාතක පොත් වහන්සේ ඉංග්‍රීසි බසට පරිවර්තනය වෙයි…

මාර්තු 7th, 2024

පන්සිය පණස් ජාතක පොත් වහන්සේ, The Revered Book of Five Hundred & Fifty Jataka Stories ලෙසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ ග්‍රන්ථය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත ඇම් .ඩී. ගුණසේන සහ (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රජීව් ගුණසේන මහතා විසින් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පිළිගැන්විණි.

වසර 18ක කාලයක් පුරා ඉමහත් කැප කිරීමකින් යුතුව පරිවර්තනය කරන ලද මෙම ග්‍රන්ථය කාණ්ඩ හතරකින් යුතුය.

ඇම්.ඩී. ගුණසේන සහ (පුද්ගලික) සමාගමේ අධීක්ෂණය යටතේ මහාචාර්ය රංජිනී ඔබේසේකර මහත්මිය ඇතුළු ආචාර්ය මහාචාර්යවරු රැසක් මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම සඳහා දායක වී තිබේ.