පෞරාණික සිද්ධස්ථාන පුනර්ජීවන කවයේ වාර්ෂික සාකච්ඡාව අනුරාධපුරයේ දී…

මාර්තු 12th, 2024

පෞරාණික සිද්ධස්ථාන පුනර්ජීවන කවයේ වාර්ෂික සාකච්ඡාව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර විහාර හල්මිල්ලකුලම ශ්‍රී සුගතමහා විහාරස්ථානයේ දී අද (12) පැවැත්විණි.

පෞරාණික සිද්ධස්ථාන පුනර්ජීවන කවයේ පසුගිය වසරේ ප්‍රගතිය මෙන්ම ඉදිරි වසර තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාකාරකම් සහ සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරිණි.

ගැටලු පවතින ප්‍රදේශවලට අයත් පුජා භුමි කඩිනමින් ගැසට් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත්, පෞරාණික සිද්ධස්ථාන පුනර්ජීවන කවය සඳහා අරමුදලක් පිහිටුවීමට කටයුතු කරන ලෙසත් එහිදී අමාත්‍යවරයා නිලධාරින් දැනුවත් කළේය.

මහා සංඝරත්නය , පුරාවිද්‍යා නිලධාරීන් ,මධ්‍යම නුවරගම්පලාත් ප්‍රාදේශීය ලේකම් ආර්.එම්. පී.සේනාරත්න, පුනර්ජීවන කවයේ නිලධාරින් ,දිස්ත්‍රික්ක බෞද්ධ කටයුතු සමායෝජක එම්.කේ.සෙනවිරත්න , අමාත්‍යංශ නිලධාරීහූ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.