
අනුරපුරේ ඇති රටට ම ආදර්ශමත් ගම්මානය…
මාර්තු 14th, 2024රටක් සංවර්ධන වීමට නම් රටේ මානව සම්පත සංවර්ධනාත්මක ආකල්පවලින් පිරි මිනිසුන් පිරිසක්වීම අනිවාර්යය විය යුතුය.ඒ සඳහා මූලික ලෙසම අවශ්‍ය වන්නේ තමා තුළ ගොඩනඟාගන්නා ස්වයං හික්මීම,අනන්‍යයන් තේරුම් ගැනීම සහ සහයෝගීතාවයි. එවන් මිනිසුන් සමුහයක් ජීවත්වන ප්‍රාථමික සංවිධානාත්මක ව්‍යුහය ගම ලෙස හැඳින්විය හැකිය.
ගම තුළින් ගොඩනැඟෙන සංවර්ධනය රටක ප්‍රගමනයට මහත් ශක්තියක් එක් කරයි.ඒ වැනි ආදර්ශමත් මිනිසුන් පිරිසක් ජීවත්වන ග්‍රාමයක් අනුරාධපුර නොච්චියාගම,මොරවකකන්ද ප්‍රදේශයේ දී අපට මුණගැසිණි.
ගම තුළ හා තම සමූහය තුළ එදිනෙදා පැනනැගෙන සියලු අවශ්‍යතාවන් “එක්සත් සුබසාධක හා අවමංගල්‍යාධාර සමිතිය” ලෙසින් පිහිටුවාගත් ප්‍රජා සංවිධානය මඟින් ඉතා විධිමත්ව හා සාර්ථකව සිදු කිරීමට ග්‍රාමයෙහි ජීවත්වන ජනතාව කටයුතු කරමින් පවතී.ඒ අනුව වැඩිහිටි සුබසාධන,දරු උපත් සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සුබසාධනය,ලේ දන්දීම්,ස්වයං රැකියා වැඩසටහන්,සායනික වැඩසටහන්,සිනමාපට ප්‍රදර්ශන හා රසවින්දනාත්මක වැඩසටහන් ආදී විවිධ වූ ලෙස ග්‍රාමය කේන්ද්‍ර කර ගත් සුබසාධන වැඩසටහන් රැසක් සිදු කරයි.
එමෙන්ම ඉදිරියේ දී කායවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම, කලායතනයක් පිහිටුවීම ආදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට මෙම ප්‍රජා සංවිධානය කරයුතු කරමින් සිටී.
සෑම ග්‍රාමයකම ප්‍රජා සංවිධානය පිහිටුවා තිබුණත් මේ වැනි සුවිශේෂ වූ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන ගම්මානයක් දැකීම සතුටට කරුණක් බවත්,දිවයිනේ අනෙක් ග්‍රාමයන්වලටත් නොච්චියාගම,මොරවකන්ද ගම්මානය ආදර්ශවත් ගම්මානයක් බවත්,මෙම ගම්මානයට පැමිණි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී ප්‍රකාශ කළේ ය.