
පුරාවිද්‍යා ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් සමඟ සාකච්ඡා…
මාර්තු 28th, 2024ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්වරු අතර සාකච්ඡාවක්
බත්තරමුල්ල සෙත්සිරිපාය ජාතික උරුම අංශයේදී අද (28) පැවැත්විණි.
මේ වන විට පැනනැඟී ඇති පුරාවිද්‍යා ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර එම ගැටලු සඳහා දෙපාර්ශවයේම අදහස් සාකච්ඡා කිරීමෙන් අනතුරුව පොදු එකඟතාවයකට එළැඹිණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු වන කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, එස්.ජී. පල්ලියගුරුගේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස්, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.