
අගනුවර තරුණ කවි සමාජයේ 89 වන සංවත්සරය කොළඹ දී…
මාර්තු 31st, 2024‘ අතකස ‘ හෙවත් අගනුවර තරුණ කවි සමාජයේ 89 වන සංවත්සරය බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී අද (31) පැවැත්විණි.
හිටිවන කවි මඩුව, විවිධ නර්තන අංග , ජන කවි ගායනා ආදී අංග රැසකින් මෙම උත්සවය විචිත්‍රවත් විය.
එසේම කලාකරුවන් අගයමින් සම්මාන 11ක් ප්‍රදානය කෙරුණු අතර කවි හා රචනා තරඟයෙන් ජයග්‍රහණය ලැබූ පිරිසටද මෙහිදී සහතිකපත් ප්‍රදානය කෙරිණි.
මහා සංඝරත්නය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරු ජයසූරිය, අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, අභියාචනාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය,බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, බස්නාහිර පළාත් හිටපු සභානායක හෙක්ටර් බෙත්මගේ, මහාචාර්යවරුන් වන ජේ.බී. දිසානායක, ප්‍රණීත් අභයසුන්දර, ජී .මනෝරි ගමගේ, කමල් වලේබොඩ යන මහත්ම මහත්මීහු අගනුවර තරුණ කවි සමාජයේ කමිටු සාමාජිකයන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.