
ග්‍රාමෝදය ජන කලා කේන්ද්‍රයේ අභ්‍යාසලාභීන්ගේ සහතිකපත් ප්‍රධානෝත්සවය සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී…
අප්‍රේල් 9th, 2024ග්‍රාමෝදය ජන කලා කේන්ද්‍රය මඟින් මෙහෙයවන ලද 2019/2020 අධ්‍යන වර්ෂයේ පාඨමාලාවන් හැදෑරු සහ ප්‍රාසාංගික වැඩසටහන් සඳහා සහභාගී වූ අභ්‍යාසලාභීන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම මරදාන සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී ඊයේ (09) පැවැත්විණි.
සහතිකපත් ප්‍රදානය කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී 2019/2020 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගන්නා ලද ජාතික වෘත්තීය නිපුණතා මට්ටම (NVQ) 04 නර්තන ශිල්පී හා ජාතික වෘත්තිය නිපුණතා මට්ටම (NVQ) 04 සංගීත ශිල්පී යන පාඨමාලා සඳහා සහ ග්‍රාමෝදය ජන කලා කේන්ද්‍රය මඟින් ක්‍රියාත්මක චිත්‍ර හා මූර්ති ඩිප්ලෝමා පාඨමාලාව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව පවත්වන ලද පන්සල් චිත්‍ර සංරක්ෂණ ඩිප්ලෝමා පාඨමාලා සඳහා මෙහිදී සහතික පත් ප්‍රදානය කෙරිණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම් කේ.ඒ. ඩී.ආර් . නිශාන්ති ජයසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් භාග්‍යා .සී . කටුදෙණිය, ටවර්හෝල් පදනම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස් .දිසානායක, තෘතීයික වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ එස්.යු.කේ. රූපසිංහ, අධ්‍යාපන අමාත්‍යාංශයේ සැමට අධ්‍යාපන ශාඛාවේ අධ්‍යක්ෂ භද්‍රා විතානගේ, සහකාර අධ්‍යක්ෂ සාධිකා වසිර් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.