අන්තර් ආගමික සහජීවන අවුරුදු උත්සවය රද්දොලුගම දී …

අප්‍රේල් 20th, 2024

අන්තර් ආගමික සහජීවන අවුරුදු උත්සවය රද්දොලුගම සෙත්සරණ ආයතනයේ දී අද (20) පැවැත්විණි.

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, සෙත්සරණ ආයතනය හා ඒකාබද්ධව අනෙකුත් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවල දායකත්වය සහිතව ආරම්භ කරන ලද අන්තර් ආගමික සහජීවන තරුණ වැඩසටහන් මාලාවේ හතර වන වැඩසටහන වශයෙන් මෙම අවුරුදු උත්සවය සංවිධානය කෙරිණි.

අවුරුදු චාරිත්‍ර , සංස්කෘතික අංග හා ක්‍රීඩා රැසකින් සමන්විත වූ මෙම අවුරුදු උත්සවය සඳහා සියලුම ආගම් නියෝජනය කරමින් තරුණ තරුණියන් රැසක් එක්ව සිටියහ.

මහා සංඝරත්නය, සර්ව ආගමික පූජකවරු, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් එච්.එන්. කුමාරි, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ චතුරි පින්තු යන මහත්ම මහත්මිහු ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.