
2024 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්…
මැයි 16th, 2024මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය තුළ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතී. ඒ අනුව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය ඊට සමගාමීව සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්හි පළමු අදියර වන දහම් පාසල් සිසු නියමුවන් හට මතින් දුමින් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වීමේ වැදගත් කම කායික හා මානසික සුවතාවයෙන් යුතු නීරෝගී පුද්ගලයන් වීමට එහි ඇති දායකත්වය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක අවස්ථාව නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය බලප්‍රදේශයෙන් 2024.05.12 දින ආරම්භ විය.
මීට අමතරව ගලේවෙල, දඹුල්ල, පල්ලේපොල හා උකුවෙල යන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල තුලද මෙම වැඩසටහන එදිනම ක්‍රියාත්මක කෙරින. නාඋල ප්‍රාදේශීය සිසු නියමුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන සමස්තලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී මාතලේ අනුරුද්ධ අරණ විහාරාධිපති පූජනීය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන්වහන්සේ, නාඋල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය කලාකුලවැවේ සාරානන්ද ස්වාමීන්වහන්සේ යන ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක එන්.ආර්.අමරසිංහ මහතා ගේ සංවිධානයෙන් හා සම්පත් දායකත්වය යටතේ පැවැත්විණි. මීට අමතරව ඉදිරියේදී මාතලේ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි තවත් මත්ද්‍රව්‍ය නිවාරණය හා සබැඳි වැඩසටහන් කිහිපයක්ම සිදු කිරීමටද කටුයුතු සංවිධානය කර ඇත.