
ජාතික වෙසක් උත්සවයේ තුන්වන දිනය…
මැයි 23rd, 2024‘අත්තනො ච අචෙක්ඛෙය්‍ය කතානිඅඛතානි ච’ – ‘අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු’ යන තේමාව මූලික කර ගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ
ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ දී අද (23) පැවැත්විණි.
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් පූජා භූමිවල පුරාවිද්‍යාත්මක, ඓතිහාසික වටිනාකම හා පූජනීයත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ,කලාපීය හා ප්‍රාදේශීය වශයෙන් කාණ්ඩ තුනක් යටතේ නම් කළ ඇති
පූජාභූමි සන්නස්පත්‍ර හා නිදහස් දීමනාපත්‍ර විහාරස්ථාන හයක් සඳහා ප්‍රදානය කිරීමද එහිදී සිදු කෙරිණි.
අඩුපහසුකම් සහිත විහාරස්ථානවල සංවර්ධන කටයුතු, පිරිවෙන් ස්වාමීන් වහන්සේලා සහ දහම් පාසල් දරුවන්ගේ ඉගෙනීම් කටයුතුවලට අවශ්‍ය පහසුකම් සැලසීම ආදී අරමුණු කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වේ.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් රාජ්‍ය වෙසක් උත්සව වැඩසටහන සංවිධානය කරයි.
සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමීන් වහන්සේ, මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කොස්ගොල්ලේ ශ්‍රී සීලරතන නායක ස්වාමීන් වහන්සේ, වෙල්ලස්ස ප්‍රධාන සංඝනායක කොටසර පියංගල රාජමහා විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ, කෑගල්ල ප්‍රධාන සංඝනායක අල්කේගම ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායක මහා සංඝරත්නය, විදේශීය මහා සංඝරත්නය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍යවරු වන රෝහණ දිසානායක, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතින් ජනරාල් විකුම් ලියනගේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර් ඒම්. පී. රත්නායක, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න යන මහත්ම මහත්මිහු ඇතුළු සම්භාවනීය අමුත්තක් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.