
නල්ලුරුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ වෙසක් මහා පෙරහැර වීථි සංචාරය කෙරේ …
මැයි 25th, 2024පානදුර නල්ලුරුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන වෙසක් මහා පෙරහර
අලංකාරවත් ලෙස අද (25) වීථි සංචාරය කෙරිණි.
මෙහිදී මොරගහහේනේ රෝහණ හස්තිරාජයා වෙත සධාතුක ධාතු කරඬුව තැන්පත් කිරීම බුද්ධශාසන, අගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
සධාතුක කරඩුව තැන්පත් කිරිමෙන් පසු උඩරට පහතරට සහ සබරගමු නර්ථනාංග සහ අලි ඇතුන් 36 කුගෙන් සමන්විත පෙරහැර විහාරස්ථ වාහල්කඩින් පිටත්ව පානදුර නගරය දක්වා ගමන් කරන ලදී.
පානදුර නල්ලුරුව ශ්‍රී අභිනවාරාමාධිපති රාජකීය පණ්ඩිත දෙහිවල පියනන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය පරිදි මෙම පෙරහර සංවිධානය කෙරිණි.
මහා සංඝරත්නය, සර්ව ආගමික පූජකවරු, පානදුර නාගරික කොමසාරිස් මානෙල් සියඹලාගොඩ, පානදුර ප්‍රාදේශීය ලේකම් ජයදේවි කොඩිතුවක්කු, කළුතර නියෝජ්‍ය පොලිස්පති අයි. ටී. බී. සුගතපාල, පානදුර සහකාර පොලිස් අධිකාරී (2) සම්පත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.