මැදවච්චිය රඹ කුලම ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ ඉදි කළ නව අසපුව විවෘත කරයි …

මැයි 25th, 2024

මැදවච්චිය රඹ කුලම ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද නව අසපුව විවෘත කිරීමේ උත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පැවැත්විණි.

මැදවච්චිය රඹ කුලම ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාත අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති ඌනෑවේ සුමනජෝති නායක ස්වාමීන් වහන්සේගේ 90 වෙනි ජන්ම දිනය වෙනුවෙන් මෙම අසපුව ඉදි කර ඇත.

නුවර ගම්පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක මැදවච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කුඩා කුඹුක්ගල්ලෑවේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය,මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ,විහාරස්ථානයේ දායක සභාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ