
බුද්ධ රශ්මි වෙසක් කලාපයේ අවසන් දින ආලෝක පූජාව …
මැයි 26th, 2024හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ පැවැත්වෙන 17 වෙනි බුද්ධ රශ්මි වෙසක් කලාපයේ අවසන් දින ආලෝක පූජාව ගංගාරාම විහාරස්ථාන සීමාමාලක පරිශ්‍රයේදී අද (26) පැවැත්විණි.
හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඥානීස්සර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසකත්වය පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය සංවිධානය කෙරිණි.
බුද්ධ රශ්මි වෙසක් කලාපය සඳහා පහන් කූඩු නිර්මාණය කළ නිර්මාණ ශිල්පීන් සඳහා සහතික සහ ත්‍යාග ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කිරීමට නියමිතය.
එසේම වෙසක් කලාපයේ පැවැත්වෙන බත් දන්සල ද පැමිණ සිටි අරධිතයෝ ප්‍රධානත්වයෙන් එහිදී විවෘත කළහ.
හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, තායිලන්ත මහා සංඝරත්නය ඇතුළු දූත පිරිස, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ආචාර්ය අලිරාජා සුබාස්කරන්, වෛද්‍ය ප්‍රේමාදර්ශනී සුබාස්කරන් යන මහත්ම මහත්මිහු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.