ජාත්‍යන්තර දුම්වැටි නිවාරණ දින වැඩසටහන – 2024

මැයි 31st, 2024

දුම්කොළ ආශ්‍රිත නිශ්පාදන හේතුවෙන් ලෝකයේ ප්‍රජාව වෙත වන හානිය පිළිබඳව අවධානය යොමු කරමින් ඒ සබැඳිව පුළුල් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අරමුණු ඇතිව දුම් භාවිතයට එරෙහිව නැගී සිටීමේ දිනයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් මැයි 31 දිනය දුම්වැටි විරෝධී දිනය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව ලෝකයේ වෙනත් රටවල් උක්ත දිනයේදී බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ශ්‍රී ලංකාවේද එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මෙම ඒකකයද උක්ත දිනට සමගාමීව ක්‍රියාත්මක කරන වැඩසටහන මෙවර මාතලේ දිස්ත්‍රික්කය කේන්‍ද්‍ර කර ගනිමින් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්.යාලීය ප්‍රධාන ශ්‍රවාණාගාරයේදී 2024.05.31 දින පැවැත්වීමට කටයුතු යෙදිනි. මෙවර ජාත්‍යන්තර දුම්වැටි නිවාරණ දිනයේ තේමාව බවට පත් වූයේ “දුම්කොළ කර්.මාන්තයේ මැදිහත්වීම් වලින් අපේ දරුවන් බේරා ගනිමු” යන්නයි.
මෙම වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය, සර්ව ආගමික දහම් පාසල් ගුරු භවතුන්, ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරන තරුණ තරුණියන්, වෘත්තීය පුහුණු අධිකාරිය, කාර්මික විද්‍යාලය යන ආයතනවල තරුණයින්, පාසල් දරුවන්, ග්‍රාමීය ප්‍රජා නායකයින් ඇතුළු 300 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. මෙහිදී දුම්වැටි හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයේ මෙරට තතු හා භාවිතයේ නියම හානිය ඇබ්බැහිකාරී චර්.යාව කළමනාකරණය හා එහි වැදගත්කම පිළිබඳවත්, සිගරට් හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පුද්ගල කායික හා මානසික සුවතාවය කෙරෙහි බලපෑම් කරනු ලබන ආකාරය පිළිබඳව අවධාරණය කරන ලදී. දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයේ මෙරට වත්මන් තත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පෙර වර්.ෂයන් හා සසඳන විට 9.1% ක ප්‍රතිශතයක් යටතේ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය අවම වී ඇති බවත් එම තත්වය ඉදිරි වර්.ෂයන්හිදී තවතවත් අවම කරගැනීම සඳහා ප්‍රජා දායකත්වය යටතේ සක්‍රීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු බවටත් සඳහන් කෙරිණ. මෙම වැඩසටහනෙහි ප්‍රධාන දේශනය ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක එන්.ආර්. අමරසිංහ මහතා විසින් පැවැත්වීය.