
ශ්‍රී ලංකා චීන සංස්කෘතික හුවමාරු සමුළුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී …
ජූනි 14th, 2024පොදුරාජ්‍ය මණ්ඩලීය අයිකොනික් සම්මේලනය සහ චීනයේ කුන් ලූන් ඇකඩමිය ඒකාබද්ධව සංවිධානය කළ ශ්‍රී ලංකා චීන සංස්කෘතික හුවමාරු සමුළුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී අද (14) පැවැත්විණි.
සංස්කෘතික අවබෝධය වර්ධනය කිරීම, ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම සහ ජාතීන් දෙක අතර සබඳතා ශක්තිමත් කිරීම ශ්‍රී ලංකා චීන සංස්කෘතික හුවමාරුව මෙම සමුළුවේ දැක්ම වන අතර කලාකරුවන්, විද්වතුන් සහ සංස්කෘතියට ලැදි පිරිස් අර්ථවත් සංවාදයක යෙදීමට, ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සහ දෙරට අතර පොහොසත් සංස්කෘතික උරුමයන් ගවේෂණය කිරීමට වේදිකාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණවේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, පොදුරාජ්‍ය මණ්ඩලීය අයිකොනික් සම්මේලනයේ ජාත්‍යන්තර සභාපති වෛද්‍ය Amry Nizam, වෛද්‍ය Cyntia Chan, මහාචාර්ය Pratik Rajan Mungekar, කුන් ලූන් ඇකඩමියේ සභාපති Wang Xiao Wei යන මහත්ම මහත්මීහු කුන් ලූන් ඇකඩමියේ සාමාජිකයෝ, ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීහු, තරුණ සේවා සභාවේ නිලධාරීහු සහ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.