
දහම් පාසල්වල පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් බුද්ධශාසන අමාත්‍යංශයේ දී…
ජූනි 18th, 2024දහම් පාසල් ධර්මාචාර්ය සංගමය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර සාකච්ඡාවක් බුද්ධශාසන, අමාත්‍යංශයේදී අද (18) පැවැත්විණි.
බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් දහම් පාසල්වල පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
දහම් පාසල්වල උගන්වන ගුරුභවතුන්ගේ ගැටළු, දීමනා, නිල ඇදුම්,දහම් පාසල් විභාග සම්බන්ධ ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. පී. රත්නායක, ආගමික කටයුතු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අසංග රත්නායක, දහම් පාසල් කොමසාරිස් වසන්ත ලියනගේ යන මහත්වරු, දහම් පාසල් ධර්මාචාර්ය සංගමයේ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.