බණ්ඩාරනායකය ප්‍රභාමත් කළ, ‘ටවර් ප්‍රභාෂ්වර’ …

ජූනි 23rd, 2024

ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය සහ ටවර් හෝල් රඟහල පදනම එක්ව සංවිධානය කළ ‘ ටවර් ප්‍රභාෂ්වර ‘ නූර්ති ජවනිකා ප්‍රසංගය ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික විදුහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

නූර්ති ජවනිකා ප්‍රසංගයේ රංගනය සහ ගායනය සඳහා ටවර් හෝල් රඟහල පදනමේ ශිල්පීහු සහභාගී වූ අතර, සිසු දරුවන් දෙමව්පියෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්.එස්. දිසානායක මහතා, කලාකරුවන්, ටවර් හෝල් රඟහල පදනමෙන් නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.