පොසොන් සඳින් ආලෝකමත් වූ ‘රාජ්‍ය හේවිසි පූජාව’ රුවන්වැලි සෑ රඳුන් අභියස දී …

ජූනි 22nd, 2024

අඛණ්ඩව 36වන වරටත් පැවැත්වූ රාජ්‍ය පොසොන් හේවිසි පූජාව ජුනි 21 වන පොසොන් පුන් පොහෝ දින සිට 22 දින පහන්වන තුරු අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ දී පැවැත්විණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් හතරක් නියෝජනය කරමින් මැදවච්චිය ශ්‍රී සරසවි කලායතනයේ නාවක්කුලම විශ්වවිද්‍යා රංග කලායතනය, තෝනිගල රත්නලංකාර කලායතනය, හා පලුගස්සව ඡන්දන කලායතනයේ ශිල්පීහු පනහක් සහ පාසල් වියේ පසුවන ආත්මික ශිල්පීහුද මෙම හේවිසි පූජාවට සහභාගීවිය.

සෑම වසරකම පොසොන් පොහෝ දින රාත්‍රිය පුරා අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑය අබියස පවත්වනු ලබන පොසොන් හේවිසි පූජාව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධාන කරයි.

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.එම්.ජේ.කේ. රත්නායක යන මහත්ම මහත්මීහු ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීහු සහ සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.