හොරණ තක්ෂිලාවේ ‘ තක්සලාව ‘ ග්‍රන්ථය එළිදකි …

ජූනි 23rd, 2024

හොරණ තක්ෂිලා විදුහලේ අවුරුදු 78 ක ඉතිහාසය එකතු කරමින් රචනා කළ අමරණීය විදුබිමක අනවතර මතක සටහන ‘ තක්සලාව ‘ ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී අද (23) පැවැත්විණි.

හොරණ තක්ෂිලා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද ‘ තක්ෂිලා අභිමන් ‘ ප්‍රසංගයේ දී මෙම ග්‍රන්ථය එළිදැක්විණි.

තක්ෂිලා විදුහලේ විදුහල්පති නිලූක වීරසිංහ මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත එහිදී මෙම ග්‍රන්ථය පිළිගැන්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක, හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ, බෙලෝස් සමූහ ව්‍යාපාරයේ අධිපති චතුර පෙරේරා, තක්ෂිලා විදුහලේ හිටපු විදුහල්පතිවරු, ගුරුවරු,ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.