දහම් අධ්‍යාපනය වඩාත ප්‍රායෝගික කෙරෙන සුදුසු විෂයමලාවක් ඉදිරියේ දී …

ජූනි 23rd, 2024

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ පූජ්‍ය ශ්‍රී සෝමසුන්දර ඤාණසම්පන්ද පරමාසාරිය ස්වාමින් වහන්සේ අතර හමුවක් අද (23) යාපනයේදී පැවැත්විණි.

දහම් පාසල්වල වැදගත්කම, තාරුණ්‍යයේ සදාචාරාත්මක සංවර්ධනය සඳහා ආගම්වල කාර්යභාරය සහ ශිෂ්‍යයින් දහම් පාසල්වලට යොමු කරවීම සඳහා සමාජය විසින් ඉටු කළ යුතු කාර්යභාරය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි.

එසේම දහම් පාසල් අධ්‍යාපනය ප්‍රායෝගික අධ්‍යාපනයක් ලෙස සිසුන් අතරට ගෙන යාම සඳහා සියලු ආගමික දෙපාර්තමේන්තු සමඟ එක්ව සුදුසු විෂයමාලාවක් සකස් කරමින් සිටින බවත්, අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

පූජ්‍ය රිෂි තොණ්ඩුනාදන් ස්වාමි, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වයි.අනුරුත්තානන්, තෙල්ලිපලය, ශ්‍රී දුර්ගාදේවි දේවස්ථානයේ සභාපති, ශිවභූමි පදනමේ සභාපති ආචාර්ය චෙන්ජොල්සෙල්වාර්, ආරු තිරුමුරුගන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.