
පොසොන් පොහොය නිමිත්තෙන් ජාතික උරුම අංශයෙන් දානමය පිංකමක් …
ජූනි 26th, 2024පොසොන් පොහොය නිමිති කරගෙන මහා සංඝරත්නය උදෙසා පවත්වන ලද දහවල් දානමය පිංකමක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික උරුම අංශයේ දී අද (26) පැවැත්විණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍යංශ ලේකම් එච්.එම්.බී.පී.හේරත්,අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු වන කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ, සුජීවා පල්ලියගුරු යන මහත්ම මහත්මින්ගේ උපදේශකත්වය පරිදි මෙම දානමය පිංකම සංවිධානය කෙරිණි.
ජේෂ්ඨ සහකාර ලේකම් භාග්‍යා සී. කටුදෙණිය, ජාතික උරුම අංශ අධ්‍යක්ෂ (සැලසුම්) සෝමසිරි ඒකනායක, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, කලා මණ්ඩලයේ ලේකම් දයන්ත හේවගේ, ප්‍රධාන අභ්‍යන්තර විගණක විමල් ආර්. ගමගේ යන මහත්ම මහත්මීහු , අමාත්‍යාංශ නිලධාරීහු මෙම දානමය පිංකම සඳහා සහභාගීවූහ.