
ආදායම් උත්පාදනය කළ හැකි, ඵලදායී කාර්යයක් සඳහා කෞතුකාගාරයෙන් ඉඩක් …
ජූනි 27th, 2024ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සතුව පවතින භාවිතයට නොගත් එම පරිශ්‍රයේ ඇති ගොඩනැඟිල්ලක් පිළිබඳව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ අද (27) සොයා බැලීමක් සිදු කළේ ය.
මෙම ගොඩනැඟිල්ල ලක්සල ආයතනය වෙත බදු පදනම මත ලබා දී තිබූ අතර එහි බදු කාලය අවසන් වී තිබෙන බැවින් එහි වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා එහිදී සොයා බැලීය.
ආදායම් උත්පාදනය කළ හැකි ඵලදායී කාර්යය සඳහා මෙම ගොඩනැඟිල්ල භාවිතා කිරීම සඳහා කටයුතු සුදානම් කරන්නැයි විදුර වික්‍රමනායක මහතා එහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේ ය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එච්.එම්. බී. පී හේරත්, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් (පාලන) ඩී. නයනානන්ද යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.