ශ්‍රී ලංකා විදේශ බෞද්ධ ගමන් සංවිධායකයන්ගේ 30 වන සංවත්සරයට පිංකම් මාලාවක් …

ජූලි 5th, 2024

ශ්‍රී ලංකා විදේශ බෞද්ධ ගමන් සංවිධායකයන්ගේ සංගමයේ තිස් වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද පිංකම් මාලාව මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙන් මරදාන මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරස්ථානයේ දී අද (05) පැවැත්විණි.

මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ නියෝජ්‍ය විහාරාධිපති සුමංගල හිමි ඇතුළු මහා සංඝරත්නය, නවදිල්ලි විශ්‍රාම ශාලාවේ ලේකම් විජිත පල්ලේගම හිමි, ශ්‍රී ලංකා ඉන්දීය මහා කොමස්සාරිස් කාර්යාලයේ පළමු ලේකම් නව්යා සින්ගාල්, ඉන්දීය ගුවන් සේවයේ මෙරට කළමණාකරු නිකිල් වයිමන් යන මහත්ම මහත්මීහු ඇතුළු අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.